keep in touch

Saturday, September 19, 2015

is this great...අළුත් හෙලිකොප්ටරයක්


                ඩ්‍රෝන් යානා මේ දවස් වල කා අතරත් ජනප්‍රියයි. ඡායාරූපකරණය සඳහාත් ඒ වගේම ආරක්‍ෂිත මෙහෙයුම් සඳහාත් විනෝදය සඳහාත් මේ නව යානා මගින් සැපයෙන සේවාව ඉතා විශාලයි. කොහොමහරි එංගලන්තයේ සිටින gasturbine101(https://www.youtube.com/user/gasturbine101/about) ලෙස හඳුන්වන පුද්ගලයෙක් තමන්ගේ YouTube චැනලයට Drone යානා 54කින් නිර්මාණය කල හෙලිකොප්ටරයක් වැනි යානයක වීඩියෝ පටයක් එක කර තිබෙනවා. මේ වීඩියෝව ලොව පුරා YouTube නරඹන්නන් මිලියන 2 කට අධික පිරිසක් නරඹන්නට වුණා. ඒ වගේම ගුවන් තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් ගේ අවධානයත් මේ දෙසට යොමු වුණා. මේ නිර්මාණය කල පුද්ගලයාගේ නම තවමත් අනාවරණය වෙලා නම් ණා කියලයි දැනගන්න ලැබෙන්නේ.
මේ යානය ඉහල ඔසවන අවරපෙත්ති වල ක්‍රියාකාරිත්වය ඔබ කුඩා කාලයේ සෙල්ලම් කර ඇති දුරස්ථ පාලක හෙලිකොප්ටර් යානා වලට සමානයි. ඒ වගේම නිකුත් කර ඇති වීඩියෝ පටයේ පෙනෙන ආකාරයට ඔහු උද්‍යානයක ඇති අසුනක් වැනි යමක් ද යානය සැදීමට යොදාගෙන තිබෙනවා. මේ ගැන වැඩි දුර තොරතුරු ටිකක් බලනවා නම් මේ යානය වෙන වෙනම පාලනය කල හැකි පථ 6කින් සමන්විතයි. (six grouped control channels) ඒවගේම ඉහල එසවෙන අවස්ථාවේ බර 148 kg වනවා. මේ සඳහා යෙදවෙන බලය කිලෝවොට් 22ක්. මෙහි දැනට පියාසර කාලය විනාඩි 10ක් පමණ වන අතර එක් ගමන් වාරයක් සඳහා වියදම ඩොලර් 6700ක් වගේ වෙනවා. මේ යානය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතිනවා. මෙය තව දුරටත් වැඩි දියුණු කල හැකි බව මේ යානයේ නිර්ණාමික නිර්මාණකරු පවසා සිටිනවා.

No comments:

Post a Comment