ප්‍රතිජීවක භාවිතයෙන් විනාශ කළ නොහැකි බැක්ටීරියාවක් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. බ්‍රිතාන්‍යයේ ගොවිපොළවල් තුනක කරන ලද පරීක්ෂණවලින් සහ බැක්ටීරියාව වැළඳුණු පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පලවලින් මේ බව ඔවු තහවුරු කරගෙන තියෙනවා.
මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුට ආසාදනය වුවහොත්, ප්‍රතිජීවක ලබාදීමේදී අවසන් වරට දිය හැකි කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකයෙන් වත් ආසාදිතයාව සුවකළ නොහැකි බව මේ විද්‍යාඥයන් පිරිස පවසනවා.
කෙසේ නමුත් අලුතින් සොයාගෙන ඇති බැක්ටීරියාව මිනිසෙකුට ආසාදනය වීමේ ඉඩකඩ අඩුයි ලු.
මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකය ඉතාමත්ම ශක්තිමත් මෙන්ම පොදුවේ භාවිත කෙරෙන්නක් වන අතර ආසාදන සුව කිරීම සඳහා අනෙකුත් ප්‍රතිජීවක ප්‍රතිපලදායක නොවූ විට මෙම කොලිස්ටින් භාවිත කෙරෙනවා.
ඉකුත් මාසයේදී ද මෙවැනි කොලිස්ටින් ප්‍රතිරෝධක බැක්ටීරියාවක් චීනයෙන් සොයාගත් අතර එම අවස්ථාවේ දී විද්‍යාඥයන් අනතුරු අඟවා සිටියේ ලෝකය ප්‍රතිජීවක වලට ඔරොත්තු නොදෙන වකවානුවකට එළඹ ඇති බවයි.
No comments:
Post a Comment