keep in touch

Tuesday, August 30, 2016

කොටස් වෙළද පොල

ඔයාලා කවුරුත් දන්නවා කොටස් වෙලදපොල කියන්නේ මොකක්ද කියලා. ලංකාවේ ගණිත විෂය නිර්දේශය තුල කොටස් වෙලදපොල ගැන මුලික දැනුමක් ලබා දෙනවා 11 වසරෙදී. ඉතින් සමහරු බයයි කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න. ඒකට විවිධ හේතු තියෙනවා. මම මේ පොස්ට් එක ලියන්නේ ඒ හේතු ගැන කියන්නවත් ඒවා විශ්ලේෂනය කරන්නවත් නෙමෙයි.
             ලංකාවේ කොටස් වෙලද පොල වගේම ලෝකයේ වෙනත් රටවල් වලත් කොටස් වෙලද පොලවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අන්තර්ජාතික කොටස් වෙලදපොලකුත් තියෙනවා. කොහොම වුනත් මේවායේ සිදුවෙන්න පුළුවන් ලොකු දෙයක් ගැන කියවෙන චිත්‍රපටියක් නිකුත් වෙලා තියෙනවා. ඒ ගැන කියන්නයි මම මේ පෝස්ට් එක ලියන්නේ. 
Money Monster (2016)
money monster තමයි ඒකේ නම. මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි මාසයේ තමයි නිකුත් කරලා තියෙන්නේ. මේකේ කථා සාරාංශය මේකයි. ඇමෙරිකාවේ නිව්යෝක් කොටස් වෙලදපොලේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් කරන මහා පරිමාණ වංචාවක් ගැන හොයන්න කායිල් කියන සාමාන්‍ය පුද්ගලයෙක් කරන අත්තනෝමතික ක්‍රියාවක්. ඔහු එක්තරා රූපවාහිනි වැඩසටහනක් සජීවීව අත්පත් කරගන්නවා. එමගින් ඔහු නිවේදකයා ප්‍රාණ ඇපයට තියාගෙන ඔහුගෙන් මේ ක්‍රියාවලියේ ඇත්ත විමසනවා. නමුත් ඔහු දන්නෙත් නෑ. ඔහුත් දැනගන්නවා අවසානයේදී තමන් කාටහෝ මුලා වී ඇති බව. පසුව ඔවුන් දෙදෙනාම එකතු වී තමුන් හසුවු පුද්ගලයා සොයාගැනීමට මහත් වෙහෙසක් යොදනවා. ඒ ඔවුන් පසුපස පොලීසියද එන අතර. බොරු බෝම්බයක් පෙන්වා මේ මිලියන 800 ඩොලර් වංචාව කල පුද්ගලයා මුලු ලෝකයාටටම පෙන්වනවා. ඇත්තටම හොද චිත්‍රපටියක්.
මම කිව්වේ කථා සාරාංශය විතරයි. fast forward කරන්නේ නැතුව බලන්න ඕන චිත්‍රපටියක්. මේකේ සිංහල උපසිරසි ගන්න මෙතනින් යන්න.

No comments:

Post a Comment