පාරෙ යන එන යන පසු ගිය දවස්වල වැඩිපුර කතා බහට ලක්වුණේ චීනය මාර්ග තදබදය මගහරවමින් වාහන තදබදය පවතින අවස්ථා වලදී ගමන් කල හැකි නවතම බස් රථයක් නිර්මාණය කිරිමට සැරසෙනවා කියලා. මේ බස් එක Transit Elevated Bus ලෙස ඔවුන් නම් කර තිබුනා. නමුත් මේ බස් රථය මෙතරම් ඉක්මනින් නිර්මාණය වනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂා කලේ නෑ. කොහොමහරි මේ බස් රථය නිර්මාණය කරලා පළමු පර්යේෂණ ගමන් වාරයත් ගියා කියල තමයි චීනය දෙසින් වාර්තා වෙන්නේ.
මේ බස් රථය සඳහා අදහස යෝජනා කෙරුනේ පසුගිය මැයි මාසයේ පැවති බීජිං ජාත්‍යන්තර අධි තාක්ෂණික එක්ස්පෝ ප්‍රදර්ශනයේදී. ප්‍රදර්ශනය පැවති සමයේ මෙය නිර්මාණය කරන Jinchuang සමාගම පවසා සිටියේ මේ බසය අගෝස්තු මාසය වන විට සාදා නිමකිරීමට හැකි බවයි. පැවසූ ආකාරයටම ඔවුන් එය සාදා නිමකර තිබෙනවා. මේ බස් රථය විශේෂ පීලි මත ගමන් ගන්නවා.
තවත් වසරක කාලයක් තුල මෙහි වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරන බව මේ සමාගම පවසා සිටිනවා.
තවත් වසරක කාලයක් තුල මෙහි වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරන බව මේ සමාගම පවසා සිටිනවා.
අපේ රටේ වාහන තදබදය එක්ක සලකා බලනකොට මේ වගේ දෙයක් කොයිතරම් ගැලපෙනවද කියලා ඔයාලට හිතෙයි. හැබැයි මේ දේ කරන්න පටන් ගන්නකොට ලංකාවේ අපිට තවත් මොන බදු වර්ගයට යටත් වෙන්න වේද දන්නේ නෑ.
No comments:
Post a Comment