රොබට් ගොඩාඩ් |
ලෝකය යනු මහා පුදුමාකාර දෙයකි. මෙහි සිදුවන සියල්ලම විටෙක සිහිනයක් බදුය. මේවා මෙලෙස සිදුවේදැයි මීට වසර සියයකට පෙර මිනිසුන් නොසිතන්නට ඇත. එහෙත් සැබැවින්ම ඒවා සිදුවෙමින් පවතී.
මේ පින්තූරයේ ඔබ දකින්නේ එසේ ඉතිහාසය වෙනස් කල මහා ප්‍රාඥයෙකි. ඔහු නමින් රොබට් ගොඩාඩ් වේ. රොකට් තාක්ෂණයේ මහා නිර්මාතෘ මොහුය. මොහුගේ ඥාන ප්‍රතිභාව නොවන්නට අද පෘතුවියේ සිට ආලෝක වර්ෂ මිලියන ගණනක් එපිටින් වු චක්‍රාවාට තාරකාවල් සොයා යාම තවමත් සිහිනයකි.
“It is difficult to say what is impossible, for the dream of yesterday is the hope of today and the reality of tomorrow.”
– Dr. Robert Hutchings Goddard
1882 වර්ෂයේ දිනක Massachusetts හි උපත ලද පුංචි විද්‍යාඥයාට කුඩා කාලයේ පටන් දෙමාපියන් විසින් විද්‍යාව පිළිබද උනන්දුවක් ඇති කරවීය. නමුත් විද්‍යානුකූල සිද්ධි අතර ඔහු වඩාත් ම ඇලුම් කරන ලද්දේ අභ්‍යවකාශය පිළිබද තොරතුරු සොයා යාමටයි. සර් අයිසැක් නිව්ටන් ගේ නියාම තුන අභ්‍යාවකාශ පියාසැරුම් සදහා කෙසේ උපයෝගී කරගන්නේදැයි ඔහු සිතීය.
එහි ප්‍රථිපලයක් ලෙස 1921 මාර්තු මස 21 වන දින ඔහුගේ ඥාතියෙකුගේ ගෝවා වගා භූමියකදී පලමු රොකට් ආදර්ශකය ගුවන්ගත කරන ලදී. එය තත්පර 2.5 ක කාලයක් අඩි 41 උසක් සහ අඩි 185 ක දුරක් ගෙවා යන ලදී. එය නුතනය හා සසදන විට ඉතා ස්වල්ප ගුවන් ගත කිරීමක් වුවද මිනිසාගේ රොකට් තාක්ෂණයේ පලමු පියවර විය.
විස්තර තව දුරටත්