වසර බිලියන 4.5කට පෙර අඟහරු ග්‍රහයාගේ මතුපිට 20% ක් ජලයෙන් වැසි තිබ්බලු.
බොහෝ කලකට පෙර අඟහරු ග්‍රහයා මත මුළු ග්‍රහයාම ආවරණය කරගත හැකි ප්‍රමාණයට ජලය පිරි තිබූ බවට ඇතැම් මත පලවී තිබුනත් වසර බිලියන 4.5කට එම ග්‍රහයා මතුපිට ආර්ක්ටික් සාගරයට වඩා විශාල ජල ප්‍රමාණයක් තිබූ බවට පිළිගැනෙනවා. හැතැප්මක් පමණ ගැඹුරට දිවෙන ජල තටාකයකින් මෙම ග්‍රහයාගේ 20%ක ප්‍රදේශයක් ආවරණය වී තිබූ බවට සැලකෙනවා.
මෙම නව තොරතුරු හෙළිදරවු කරගැනුනේ පර්යේෂක කණ්ඩායමක් විසින් පෘථිවිය මත ස්ථාපනය ස්ථාපනය කර ඇති විශාල දුරේක්ෂ 3ක් භාවිතයෙන් රැස් කරගැනුණු දත්ත ආශ්‍රයෙනි. යුරෝපිය දක්ෂිණ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ චිලිහි පිහිටුවා ඇති දදුරේක්ෂය, කෙක් II සහ නාසා ආයතනයේ හවායි හි පිහිටා ඇති අධෝරක්ත දුරේක්ෂයයි. විද්‍යාඥයන් ග්‍රහලෝකයේ වායුගෝලයේ ඇති ජලය ප්‍රමාණය සහ HDO (heavy water , බර ජලය) ප්‍රමාණය ගණනය කරන්නට විය.
H2O සහ HDO අතර අනුපාතය සහ වායුගෝලයෙන් එම අංශු නික්ම යාමේ සීග්‍රතා වසර 6ක් පුරාවට සැලකිල්ලට ගෙන පර්යේෂකයන්ට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත පවතී ජලය ප්‍රමාණය නිගමය කිරීමට හැකියාව ලැබුනා. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අඟහරුගේ වායුගෝලයේ විවිධ කලාප පැවතී අතර අඟහරු මත විවිධ ඍතු වලින් යුත් දේශගුණ රටාවක් පවතී බවයි.
අඟහරු මත ජලය පැවති බවට සාධක ලෙස මින් පෙර එහි මතුපිට ඇති ඇලි සහ පල්ලම් මගින් ජලය ගලා ගොස් ඇති බවට ඉඟි කෙරුණු අතර පසු ගිය වසරේ NASA ආයතනයේ රෝවර් යන්ත්‍රයෙන් සොයාගැනුණු විශාල ආවාටය කලකට පෙර ජලය පිරි පොකුණක් බවට සැලකෙනවා.
2016 වසරේදී මේ පිළිබඳව වැඩි දුර තොරතුරු සොයා ගැනීමට නව යානාවක් පිටත් කිරීමට NASA ආයතනය බලාපොරොත්තු වෙයි
.
.
No comments:
Post a Comment