keep in touch

Tuesday, May 19, 2015

ජපානයේ මෙහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ........

මේ රටේ ඉන්ධන පිරවුම්හල් 34,000කුත් ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන තැන් 40,000කුත් තියෙනවා. මේ රට තමයි ජපානය.
මේකට හේතුව තමයි ජපානය දැන් හැකි තරම් පරිසර හිතකාමී ජීවිතයකට හැඩගැහෙන්න උත්සහා කරන නිසයි. නිසාන් සමාගමට අනුව රටේ ඉලෙක්ට්‍රික් කාර් වලට තියෙන ඉල්ලුම දවසෙන් දවස වැඩිවෙනවා.
A Nissan employee demonstrates charging one of the country's Leaf electric vehicles using a smart home electricity supply cable in Yokohama, suburban Tokyo
නමුත් ටොයෝටා සමාගම කියන්නේ ඉලෙක්ට්‍රික් කාර් වලට වඩා ඉන්ධන කෝෂ වලින් දුවන කාර් වලට ඇති ඉල්ලුම වැඩි වෙලා කියලයි. ඉන්ධන කෝෂ කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන වායු දෙක දහනය වෙලා බලය දෙන ක්‍රමයකට. මේකත් ගොඩක් පරිසර හිතකාමි ඉන්ධනයක්.

No comments:

Post a Comment