2. Glass Frog (Hyalinobatrachium pellucidum) - ඇමෙසන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයෙන් හමුවන මේ ගෙම්බන්ගේ ශරීරය තුල බොහෝ අවයව පිටතට දිස්වීම ස්වාභාවිකයි. මිනිසෙකුගේ නියපොත්තක් තරමක විශාලත්වයක් ඇති මේ ගෙඹි වර්ගයේ ශරීරයේ ඇති විශේෂ රසායනික සංයෝගයක් හේතුවෙන් මෙය සිදුවන බවයි සොයා ගෙන තිබෙන්නේ.
3. Goliath Frog (Conraua goliath) – ලෝකයේ සිටින විශාලම ගෙඹි විශේෂයයි. අගල් 33 දක්වා වැඩෙන මෙම සත්ව විශේෂය කි.ග් 3 උපරිම බරකින් යුක්තයි.ඉතා කුඩා භූමී භාගයක වසන උන් වසර 15 දක්වා ජීවත් විය හැක. කැමරන් හා ගයනා යන රටවලින් හමුවේ.
5. Purple Frog (Nasikabatrachus sahyadrensis) – මෙම ගෙම්බන් උෘරන් වැන් ශරීරයක් හිමිවී ඇති බැවින් මෙම නමින් හැදින්වේ. බටහිර ගාත් සහ ගිණිකොණ දිග ඉන්දියානු ප්‍රදේශයෙන් හමුවන උන් අති විශේෂ හැඩයක් ශරීර හැඩයකින් යුක්ත නිසා ස්වභාව ධර්මයේ ආශ්චර්්‍ය මනාව විදහා දක්වයි.
6. Malagasy Rainbow Frog (Scaphiophryne gottlebei) - වැඩි පුරම හදුන්වන්නේ ornate hopper සහ red rain යන නම් වලිනි. මැඩගස්කර් රටින් හමුවන මේ සත්වයා ලෝකයේ අතිශය දුර්ලභ සත්ව ගණයට අයත් වේ. සිරස් තලයක සිට ඕනෑම ඉලක්කයක් වෙත ඉතා වේගයෙන් චලිත වීමේ හැකියාවක් මේ ගෙම්බා සතුවේ. පොළොව යට මාස 10 කට වඩා කාලයක් එක දිගට ජීවත් වීමේ හැකියාව ඇත.
7. Panamanian Golden Frog (Atelopus zeteki) - මෙම දුර්ලභ විශේෂය පැනමා රටට අාවේණික වන අතර වසර 12 ආයු කාලයකින් යුක්තයි. ඉතා විෂ සහිත වේ.
8. Vietnamese Mossy Frog (Theloderma corticale) - උතුරු වියට්නාමයට ආවේනික සත්ව විශේෂයකි. අර්ධ ශුෂ්ක නිවර්තන කලාපවලින් සොයාගෙන ඇත.මොවුන්ගේ ස්වභාවය අනුව දකින විට පවා බිය ඇති වන සුළුය.පහරදීමට සැරසෙන විට ගුලියක් සේ වකුටු ගැසෙන අතර පහර ලබන්නා මරණයට පවා පත් විය හැක.
9. Darwin’s Frog (Rhinoderma darwinii) – චිලි සහ ආර්ජන්ටිනා රටවලට ආවේණික වේ.Charles Darwin විසින් HMS Beagle යාත්‍රාවෙන් කරන ලද මුහුදු ගමනේදී පලමුවරට මෙම සතා සොයා ගන්නා ලදී. අගල් 3 පමණ වර්ධනය විය හැක.විශේෂත්වය වන්නේ ඉස්ගෙඩියා වර්ධනය වන්නේ පිරිමි සතාගේ මුඛය තුල පිහිටි විශේෂ කෝෂයක් තුලය.
10. Golden Mantella Frog (Mantella aurantiaca) – මෙම අලංකාර සත්ව විශේෂය මැඩගස්කරය වාසභුමිය කරගනී.මනරම් රත්රන් සහ කහ පැහැති වර්ණයෙන් යුක්ත වන අතර වදවී යෑමේ තර්ජනයට ලක් ව ඇත.
No comments:
Post a Comment