පුංචි පුංචි දේවල්
අළුත් පරම්පරාවට කියාදෙන්න
Thursday, June 6, 2019
Tuesday, August 30, 2016
කොටස් වෙළද පොල
ඔයාලා කවුරුත් දන්නවා කොටස් වෙලදපොල කියන්නේ මොකක්ද කියලා. ලංකාවේ ගණිත විෂය නිර්දේශය තුල කොටස් වෙලදපොල ගැන මුලික දැනුමක් ලබා දෙනවා 11 වසරෙදී. ඉතින් සමහරු බයයි කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න. ඒකට විවිධ හේතු තියෙනවා. මම මේ පොස්ට් එක ලියන්නේ ඒ හේතු ගැන කියන්නවත් ඒවා විශ්ලේෂනය කරන්නවත් නෙමෙයි.
ලංකාවේ කොටස් වෙලද පොල වගේම ලෝකයේ වෙනත් රටවල් වලත් කොටස් වෙලද පොලවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අන්තර්ජාතික කොටස් වෙලදපොලකුත් තියෙනවා. කොහොම වුනත් මේවායේ සිදුවෙන්න පුළුවන් ලොකු දෙයක් ගැන කියවෙන චිත්‍රපටියක් නිකුත් වෙලා තියෙනවා. ඒ ගැන කියන්නයි මම මේ පෝස්ට් එක ලියන්නේ.
money monster තමයි ඒකේ නම. මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි මාසයේ තමයි නිකුත් කරලා තියෙන්නේ. මේකේ කථා සාරාංශය මේකයි. ඇමෙරිකාවේ නිව්යෝක් කොටස් වෙලදපොලේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් කරන මහා පරිමාණ වංචාවක් ගැන හොයන්න කායිල් කියන සාමාන්‍ය පුද්ගලයෙක් කරන අත්තනෝමතික ක්‍රියාවක්. ඔහු එක්තරා රූපවාහිනි වැඩසටහනක් සජීවීව අත්පත් කරගන්නවා. එමගින් ඔහු නිවේදකයා ප්‍රාණ ඇපයට තියාගෙන ඔහුගෙන් මේ ක්‍රියාවලියේ ඇත්ත විමසනවා. නමුත් ඔහු දන්නෙත් නෑ. ඔහුත් දැනගන්නවා අවසානයේදී තමන් කාටහෝ මුලා වී ඇති බව. පසුව ඔවුන් දෙදෙනාම එකතු වී තමුන් හසුවු පුද්ගලයා සොයාගැනීමට මහත් වෙහෙසක් යොදනවා. ඒ ඔවුන් පසුපස පොලීසියද එන අතර. බොරු බෝම්බයක් පෙන්වා මේ මිලියන 800 ඩොලර් වංචාව කල පුද්ගලයා මුලු ලෝකයාටටම පෙන්වනවා. ඇත්තටම හොද චිත්‍රපටියක්.
මම කිව්වේ කථා සාරාංශය විතරයි. fast forward කරන්නේ නැතුව බලන්න ඕන චිත්‍රපටියක්. මේකේ සිංහල උපසිරසි ගන්න මෙතනින් යන්න.
Friday, August 19, 2016
ඔබාමාගේ අභිරහස් ආරක්ෂකයා
ඔබාමා කියන්නේ දැනට ලෝකයේ ප්‍රබල රටක් වන ඇමෙරිකාවේ ජනාධිපති වරයා. ඔහු කාලයෙන් කාලයට විවිධ පුවත් මවන පුද්ගලයෙක්. මේ අතරින් විශේෂ දෙයක් ඔහු ගැන කතාබහට ලක්වුනා. ඒ තමයි ඔහුගේ එක් ආරක්ෂකයෙක් සම්බන්ධ කතා පුවතක්. ඉහත වීඩියෝ එක බැලුවනම් ඔයාලට ඒ විශේෂ දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ ආරක්ෂකයා පිටසක්වල ජීවියෙක් කියලත් කියනවා. මෑතකදී මොහු ගැන පලවු අදහසක් වන්නේ මිනිසෙකුට නාගයෙකුගේ ජ්‍යාන කවලම් කිරීමෙන් සැදුනු ජීවියෙක් බවයි. එය එසේ නම් මේ ගැන ලෝකයාට වසන් වී තිබීමම හොදයි නේද?
හොදින් බලන්න මොහුගේ වේගවත් චලන දිහා. අපිටත් තේරෙනවා මෙයා මිනිසෙකුට වඩා එහා ගිය දෙයක් ලග තියන් ඉන්න බව.......
වාහන වලට උඩින් යන බස් එක
පාරෙ යන එන යන පසු ගිය දවස්වල වැඩිපුර කතා බහට ලක්වුණේ චීනය මාර්ග තදබදය මගහරවමින් වාහන තදබදය පවතින අවස්ථා වලදී ගමන් කල හැකි නවතම බස් රථයක් නිර්මාණය කිරිමට සැරසෙනවා කියලා. මේ බස් එක Transit Elevated Bus ලෙස ඔවුන් නම් කර තිබුනා. නමුත් මේ බස් රථය මෙතරම් ඉක්මනින් නිර්මාණය වනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂා කලේ නෑ. කොහොමහරි මේ බස් රථය නිර්මාණය කරලා පළමු පර්යේෂණ ගමන් වාරයත් ගියා කියල තමයි චීනය දෙසින් වාර්තා වෙන්නේ.
මේ බස් රථය සඳහා අදහස යෝජනා කෙරුනේ පසුගිය මැයි මාසයේ පැවති බීජිං ජාත්‍යන්තර අධි තාක්ෂණික එක්ස්පෝ ප්‍රදර්ශනයේදී. ප්‍රදර්ශනය පැවති සමයේ මෙය නිර්මාණය කරන Jinchuang සමාගම පවසා සිටියේ මේ බසය අගෝස්තු මාසය වන විට සාදා නිමකිරීමට හැකි බවයි. පැවසූ ආකාරයටම ඔවුන් එය සාදා නිමකර තිබෙනවා. මේ බස් රථය විශේෂ පීලි මත ගමන් ගන්නවා.
තවත් වසරක කාලයක් තුල මෙහි වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරන බව මේ සමාගම පවසා සිටිනවා.
තවත් වසරක කාලයක් තුල මෙහි වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරන බව මේ සමාගම පවසා සිටිනවා.
අපේ රටේ වාහන තදබදය එක්ක සලකා බලනකොට මේ වගේ දෙයක් කොයිතරම් ගැලපෙනවද කියලා ඔයාලට හිතෙයි. හැබැයි මේ දේ කරන්න පටන් ගන්නකොට ලංකාවේ අපිට තවත් මොන බදු වර්ගයට යටත් වෙන්න වේද දන්නේ නෑ.
Sunday, April 24, 2016
Thursday, April 21, 2016
පුංචි පුංචි දේවල්: එදා මෙදා තුර ගීතයේ නොදන්න දෙයක් දැනගන්න
පුංචි පුංචි දේවල්: එදා මෙදා තුර ගීතයේ නොදන්න දෙයක් දැනගන්න: දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක...
එදා මෙදා තුර ගීතයේ නොදන්න දෙයක් දැනගන්න
දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්රියේ
- උපුටා ගැනීමකි -
Wednesday, February 10, 2016
අගහරු ගැන අළුත් දෙයක්
වසර බිලියන 4.5කට පෙර අඟහරු ග්‍රහයාගේ මතුපිට 20% ක් ජලයෙන් වැසි තිබ්බලු.
බොහෝ කලකට පෙර අඟහරු ග්‍රහයා මත මුළු ග්‍රහයාම ආවරණය කරගත හැකි ප්‍රමාණයට ජලය පිරි තිබූ බවට ඇතැම් මත පලවී තිබුනත් වසර බිලියන 4.5කට එම ග්‍රහයා මතුපිට ආර්ක්ටික් සාගරයට වඩා විශාල ජල ප්‍රමාණයක් තිබූ බවට පිළිගැනෙනවා. හැතැප්මක් පමණ ගැඹුරට දිවෙන ජල තටාකයකින් මෙම ග්‍රහයාගේ 20%ක ප්‍රදේශයක් ආවරණය වී තිබූ බවට සැලකෙනවා.
මෙම නව තොරතුරු හෙළිදරවු කරගැනුනේ පර්යේෂක කණ්ඩායමක් විසින් පෘථිවිය මත ස්ථාපනය ස්ථාපනය කර ඇති විශාල දුරේක්ෂ 3ක් භාවිතයෙන් රැස් කරගැනුණු දත්ත ආශ්‍රයෙනි. යුරෝපිය දක්ෂිණ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ චිලිහි පිහිටුවා ඇති දදුරේක්ෂය, කෙක් II සහ නාසා ආයතනයේ හවායි හි පිහිටා ඇති අධෝරක්ත දුරේක්ෂයයි. විද්‍යාඥයන් ග්‍රහලෝකයේ වායුගෝලයේ ඇති ජලය ප්‍රමාණය සහ HDO (heavy water , බර ජලය) ප්‍රමාණය ගණනය කරන්නට විය.
H2O සහ HDO අතර අනුපාතය සහ වායුගෝලයෙන් එම අංශු නික්ම යාමේ සීග්‍රතා වසර 6ක් පුරාවට සැලකිල්ලට ගෙන පර්යේෂකයන්ට වසර බිලියන ගණනකට පෙර අඟහරු මත පවතී ජලය ප්‍රමාණය නිගමය කිරීමට හැකියාව ලැබුනා. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අඟහරුගේ වායුගෝලයේ විවිධ කලාප පැවතී අතර අඟහරු මත විවිධ ඍතු වලින් යුත් දේශගුණ රටාවක් පවතී බවයි.
අඟහරු මත ජලය පැවති බවට සාධක ලෙස මින් පෙර එහි මතුපිට ඇති ඇලි සහ පල්ලම් මගින් ජලය ගලා ගොස් ඇති බවට ඉඟි කෙරුණු අතර පසු ගිය වසරේ NASA ආයතනයේ රෝවර් යන්ත්‍රයෙන් සොයාගැනුණු විශාල ආවාටය කලකට පෙර ජලය පිරි පොකුණක් බවට සැලකෙනවා.
2016 වසරේදී මේ පිළිබඳව වැඩි දුර තොරතුරු සොයා ගැනීමට නව යානාවක් පිටත් කිරීමට NASA ආයතනය බලාපොරොත්තු වෙයි
.
.
Thursday, December 31, 2015
කෝටිපතියෙකුගේ සත්‍ය කථාව
ඔහු තවත් එක් ගුරුවරයෙකි. වසර තුනක ගුරු ඩිප්ලෝමාව සාර්ථකව සම්පුර්ණ කල පසු රත්නපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසල් අතලොස්සක් අතරින් එක් පාසලකට පත්වීම් ලැබීය. එය ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 55 දුරින් පිහිටි පාසලකි. පියා ගොවිතැනින්
උපයාගත් මුදලින් මොහුගේ වැඩිමහල් සහෝදරියද ඉංග්‍රිසි ගුරුවරියක ලෙස නිවසින් කිලෝමීටර් 100 කටත් වඩා වැඩි දුරක පිහිටි පාසලක උගන්වයි. ඇය එම පාසලේ නේවාසිකාර ගුරුවරියකි. කෙසේ වෙතත් මේ කතානායක ගුරුවරයාගේ අවාසනාව යනු ඔහුට
සිටින බාල සහෝදරියන් දෙදෙනාම අඩු බුද්ධියකින් උපත ලබා ඇත. මෙම ලිපිය ලියන බ්ලොග් කරුවා ඔහුගේ නිවසට යන විට එම සහෝදරියන් දෙපල දැකීමේදී හදවතට ඇති වු හැගීම එම පවුලේ සාමාජිකයින් වසර කීයක් අත් විද ඇත්ද?
කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමට තත්පර ගණනක වෙනසක් ප්‍රමාණවත්ය. එය හොදට හෝ නරකට විය හැක. මෙම බ්ලොග් සටහන් කරුවාට එය මීට පෙරද විවිධ අවස්ථාවන් වලදී හමුවී ඇතත් මෙම කතානායක ගුරුවරයාගේ ජීවිතය වෙනස් වු ආකාරය
මින් පෙර ලංකා ඉතිහාසයේ සිදු නොවුවකි. එහි වැදගත් කම එයම නිසා මෙම සටහන මෙතැන් සිට වඩා උදයෝගයෙන් කියවන්න.
එය 2015.12 වැනි මස 19 වැනිදාය. රජයේ සේවකයින්ගේ පඩි ලබන්නේ සෑම මසකම 20 වැනිදාය. මෙදින අප කතානායක ද හෙට පඩි නමුත් ඉරිදා දිනයක් බැවින් සියලු බලාපොරොත්තු සදුදා දිනට කල් දමා සුපුරුදු පරිදි දහවල් දවස ගත කලේය. මොහුගේ තිබෙන එක්
පුරුද්දකි. ඒ ස්වීප් ගැනීමයි. මේ දිනවල ගොවිසෙත ලොතරැයිය කෝටි 13 ද ඉක්මවා ගොස් ඇත. අප කතානායක වරයා මෙම ලොතරැයිය ගැන යම් අවධානයක් යොමු කල කාලයකි. 19 වන දින සවස 5 ට පමණ නගරයට යාමට මොහුගේ මෑතකදී ගත් මෝටර්
බයිසිකලයට නැග්ගේ රු 100 අතේ ඇතිව වෙනත් කිසිදු අවශ්‍යතාවයකට නොව ලොතරැයි කූඩුව වෙත ලගාවීමටයි. පසු ගිය දිනවල රු 500 ක ටිකට් ගත්තේ යම් විශ්වාසයක් ඇතිවය. නමුත් ඔහුට ලැබුනේ රු 20 හෝ රු 40 වැනි සුළු දිනුම්ය. කෙසේ වෙතත්
ගමන යාමට සුදානම් වන විටම ඔහුගේ මව කුස්සියේ සිට, පුතේ සීනි තේ කොළ අරන් එන්න යැයි හඩ ගැසීය. නමුත් ඔහු ලග ඇත්තේ රු 100 කි. ඒ බව මවට දැන්වු විට පියාගේ මේස ලාච්චුවේ මුදල් ඇති බව පැවසු නිසා නැවතත් ගෙතුලට ගොස් ලාච්චුවේ තිබු
රු 3000 කින් රු 500 ක් ගෙන එදිනට අවශ්‍ය ස්වීප් ලබා ගැනීමට ඇති ආශාව නිසා කිලෝමීටර් 13 ක දුරක් ගෙවා නගරයට ගොස් ආවේය.
ලංකා ඉතිහාසයේ ලොතරැයි දිනුම් අතරින් විශාලම ලොතරැයි දිනුම ට අදාල ටිකට් පත ඔහුගේ අතට ලැබුනේ එලෙසය. නිවස වටාම ගස් කොල ඝන අදුරින් වැසී ගියේය. නිවෙස්වල ආලෝක පහන් දැල්විය. පැය කිහිපයක් එම නිවස සාමාන්‍ය දින චරියාව ගෙවීය.
රාත්‍රී 9.30 වන විට රූපවාහිනියේ ලොතරැයි දිනුම් ඇදීම ආරම්භ විය. අප කතානායක වරයාද ස්වීප් 25 අතට ගෙන රූපවාහිනිය අසල වාඩි වුයේ තමන් ගේ බලාපොරොත්තු ඉටු වීම හෝ නොවීම අපේක්ෂාවෙනි. නිවේදකයා පෙර පරිදිම දිනුම් ඇදීම ආරම්භ කලේ
කිසිදු වෙනසක් නොකරය. වෙනසක් බලාපොරොත්තුවෙන්ද නොවේ. එහෙත් ලංකා ඉතිහාසයේ වැදගත් දෙයක් සිදුවිය. අහිංසක දුප්පත් අසරණ පවුලක අනාගතය තීරණය විය. ගමට නගරයට පන්සලට ඇලුම් කරන රාජ්‍ය සේවකයෙකුට සෙත සැලසුනි.
ඔහු ලග තිබු ස්වීප් අතරින් එකක ඉංග්‍රිසි අක්ෂරය සමග අංක 4 ම ගැලපුනි. මොහොතකට හුස්ම ගැනීම අමතක විය. අසල සිටි පවුලේ සාමාජිකයන්ගේ ද හෘද ස්පන්දනය වේගවත් විය. නැවතත් පියවි සිහියට එනවිට සියල්ල සිදුවී හමාරය. කෝටි 13 කට අධික
ත්‍යාග මුදල ට අදාල ටිකට් පත දැන් ඔහු අතේය. ඔහුගේ වාසනාව ඔහු සොයා පැමිණියාද? ඔහු වාසනාව සොයා ගත්තාද? ඒ කෙසේ වෙතත් ඔහු ජය ගෙන හමාරය. පසුදින ම කොලඹ ගොස් තමන්ගේ අනන්‍යතාව සහතික කොට ගෙදර පැමිණ සිටින ඔහුට
මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල ධනවතුන් දේශපාලන බලවතුන් නිලධාරීන් සුභ පැතුම් එවයි. එයින් අවංක දේ තෝරා බේරා ගැනීම ඔහු සතුය. එයට ඔහුට හැකියාව ඇති බව මේ බ්ලොග්කරුවා විශ්වාස කරයි. ඔහුට ලැබෙන මුදල මනාව කළමණාකරණය
කිරීමේ හැකියාව ඔහු සතුව ඇත. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියකු එසේ විය යුතුය. එහෙත් එක් දෙයක් අසම්පුර්ණය.
පවුලේ අය කොයිතරම් සතුටු වුවත් ඔවුන්ගේ සහෝදරියන් ගැන ඔවුන්ට සතුටු විය නොහැක. එම දෙදෙනාට මේ කිසිදෙයක් නොලැබෙනු ඇත. නොදකිනු ඇත. නොදැනෙනු ඇත. උපදින මතු ආත්මවලදී මේ දෙදෙනා හට මෙවන් අවාසනාවක් අත් නොවේවා!
Subscribe to:
Posts (Atom)